News / Events
[singlepic id=724 w=230 h=175 ]...
 \r\n ...
Hon.Governor
Governor

Mr. K.C.Logeswaran

Hon.Chief Minister

Mr. Isura Dewapriya

Hon.Minister
Minister

Mr. Sumithlal Mendis

Commissioner
Commissioner

Mrs. Chandima Disanayake

Location

204, Dencil Kobbekaduwa Rd,
Battamulla, Sri Lanka

T: (011) 286 5 999
(011) 286 5 997
(011) 286 5 998
F: (011) 286 58 48

W: www.probation.wp.gov.lk
E:
probationdepartmentwp@
yahoo.com

See the map

Follow Us


Important Links

සේවාවන්

 

සහතික කල පාසල්

දෙපාර්තමේන්තුවේ සහතික කල පාසල රන්මුතුගල හා මාකොල පිහිටා ඇත. ඒ අතරින් රන්මුතුගල සහතික කල පාසල දැරියන් සඳහාත් මාකොල සහතික කල පාසල දරුවන් සඳහාත් වෙන් කොට ඇත. මෙම පාසල්වල අවුරුදු 12 සිට 18 දක්වා ළමයින් නේවාසික ව රඳවා තබා ඇත.මෙම ළමුන්ගේ සහජ කුසලතා අනුව විදුලි, වෑද්දුම්, පෑස්සුම්, මැහුම් පරිගණක භාවිතය වැනි වෘත්තිය පුහුණු  ලබා දේ. අධිකරණ මගින්  යොමු කරන මෙම දරුවන් උපරිම වශයෙන් අවුරුදු 3 ක කාලයක් සහතික කල පාසල් ගත කරනු ලැබේ.මීට අමතරව බාහිර පාසල් වලට යවා වැඩිදුරටත් අධ්‍යාපනය ලබා දෙනු ලැබේ.

රැඳවුම් නිවාස

ළමයින් ළමා උසාවි වෙත ඉදිරිපත් කරන තෙක් හෝ එසේ ඉදිරිපත් කිරීමෙන් පසුව උසාවි තීරණ ගන්නා තෙක් හෝ ඔවුන් රඳවා තබා ගැනීම සඳහා මෙම නිවාස පිහිටුවා ඇත. එක් එක් ළමයා සඳහා ඉතාම සුදුසු පුනරුත්ථාපන වැඩපිළිවෙළ ගැන තීරණයක් ගැනීම පහසු වෙන අන්දමට මෙහි දී ළමයින් ගැන කරුණු සොයා බැලේ. පිරිමි ළමුන් සඳහා මාකොලත් ගැහැණු ළමුන් සඳහා රන්මුතුගලත් රැඳවුම් නිවාස පිහිටුවා ඇත.

අනාථ, අත්හල, අසරණ හා අපයෝජනයට පත් ළමයින් සඳහා සේවා

අනාථ, අත්හල, අසරණ හා අපයෝජනයට පත් ළමයින්ට ආරක්ෂාව හා රැකවරණය සලසා දීමේ අදහසින් මෙම දෙපාර්තමේන්තුවේ උපදෙස් සහ ආධාර උපකාර ඇතිව ස්වේච්ඡා සමිති සමාගම් මගින් ළමා නිවාස පවත්වා ගෙන යනු ලැබේ. නිවාස වල නේවාසික ළමයින්ට දෛනික ව රු 20 ක  ආධාර මුදලක් දෙපාර්තමේන්තුව මගින් ගෙවනු ලැබේ. දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වූ නිවාස 120 ක් බස්නාහිර පලාත තුල පිහිටා ඇත. මේ ළමා නිවාසවල ළමයින්ට සාමාන්‍ය පාසල් අධ්‍යාපන ලබන්න පහසුකම් ද සලසා තිබෙනවා. දෙමාපියන් ලඟ ගෙදරම සිටීම ළමයාගේ වැඩීම සඳහා හොදම පිළිවෙලයි. ළමයින් ළමා නිවාස ගත කරන්නේ දෙමාපියන් දෙදෙනා ම මිය යාම නිසා අනාථවූ හෝ දෙමාපියන් දෙදෙනා විසින් අත්හරින ලද නිසා හෝ මූලික අවශ්‍යතාවන් අහිමිවීමෙන් අසරණ වූ ළමයින් වීමෙන් පමණි. ළමයින් ගැන කටයුතු කිරීම ගැන දැන ගැනීමට අවශ්‍ය වේ නම් ආසන්නතම  පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාලයෙන් අවශ්‍ය විස්තර දැන ගැනීමට හැකිය .

රජයේ භාර ගැනීමේ ළමා නිවාස

ටික කාලයකට හෝ දිගටම ගෙදර වාසය කිරීමේ වාසනාව අහිමි වූ ළමයින් භාර ගෙන ආරක්ෂාව සලසන්න දෙපාර්තමේන්තුවේ ම පාලනය වන ළමයින් භාර ගැනීමේ ළමා නිවාසයක්  පානදුර පිහිටා තිබේ. රෝහල් වල හෝ අතරමග ‍හෝ අත්හැර දමා ගිය ළමයින් හා නොයෙකුත් ආපදාවන්ට පත් වූ දෙමව්පියන්ගේ ළමයින් ද මෙම නිවාස වලට ඇතුළත් කර ගනු ලබනවා. මෙම ළමයින්ට ඔවුන්ගේ දෙමාපියන් සොයා ඔවුන්ට නැවත භාර දීමට සෑම උත්සාහයක් ම දරනු ලැබේ. එසේ කිරීමට නොහැකි නම් එම ළමයින් දරු කමට හදා වඩා ගැනීමට දීම ගැන කටයුතු කරනු ලැබේ. එහෙමත් කටයුතු කිරීමට නොහැකි නම් ස්වේච්ඡා සේවා ළමා නිවාස වලට ඇතුළත් කර වැඩිවියට පත් වූ පසු සමාජගත කරනු ලබයි.

පෝෂණ මධ්‍යස්ථාන

රජයේ භාරගැනීමේ ළමා නිවාසයේ  සහ ස්වේච්ඡා ළමා නිවාස වල සිටින ළමයින් අතුරින් මන්දපෝෂණයෙන් ‍පෙළෙන ළමයින් සදහා ප්‍රතිකාර කර ඔවුන් පුනරුත්ථාපනය කිරීම පිණිස ස්වේච්ඡා සේවා සංවිධාන මගින් පෝෂණ මධ්‍යස්ථාන 2ක්  දැනට බස්නාහිර පළාත තුල පිහිටා තිබේ.

ළදරු උයන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන

රැකියාවල යෙදී සිටින දෙමවුපියන්ගේ දරුවන් දවල් කාලයේ රැකබලා ගැනීම සහ සංවර්ධනය පිණිස ස්වේච්ඡා සංවිධාන විසින් පිහිටුවා ඇති ළදරු උයන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගැන බැලීම සහ ආධාර දීමද මෙම දෙපාර්තමේන්තුවේ වැඩ කොටසකි. මෙවැනි ළදරු උයන් 39 ක් දැනට බස්නාහිර පළාත තුල පවතී . මේ මධ්‍යස්ථාන හරහා දරුවන් යහපත් ලෙස හදාවඩා ගතයුතු ආකාරය ගැනද දෙමාපියන්ට දැනුමක් ලබාදෙනු ලැබේ.

දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන දීමනා හා ආධාර

දෙපාර්තමේන්තුව මගින් ළමුන්, භාර කරුවන් හා ළමා නිවාස සඳහා පහත සඳහා ආධාර දීමනා ප්‍රධාන වශයෙන් ලබා දෙනු  ලබයි.

  • සිසුමිණ ශිෂ්‍යාධාර
  • සුදුසු පුද්ගල ආධාර
  • පාලක පාලිකා දිරි දීමනා
  • ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා යථායෝග්‍යාධාර
  • ළදරු උයන් සඳහා යථායෝග්‍යාධාර නඩත්තු ආධාර
  • ස්වේච්ඡා රැඳවුම් නිවාස හා අනුමත පාසල් සඳහා නඩත්තු ආධාර

සිසුමිණ  ආධාර  වැඩසටහන  යටතේ  සාමාන්‍ය  පෙළ  දක්වා  අධ්‍යාපනය  ලබන  ළමයෙකුට  මසකට  රු.500/-   බැගින් ද , උසස් පෙළ  අධ්‍යාපනය  ලබන  ළමයෙකුට  මසකට  1000/-  බැගින් ද  ආධාර  දෙනු  ලැබෙයි.

සුදුසු  පුද්ගල  භාරයට  පත් කරනු   ලබන  ළමයෙකු  සඳහා  මසකට  රු. 750/-  ක  ආධාර  මුදල්  ලබා  ලබා  දෙනු  ලැබේ.

ළමා  සංවර්ධන  මධ්‍යස්ථාන  පාලක  පාලිකාවන්ට  මසකට  රු 1000/- බැගින් ද  දිවා  සුරැකුම්  මධ්‍යස්ථානයක  පාලිකාවන්ට  මසකට රු. 500/-  බැගින් ද   දිරි  දීමනා  ගෙවනු  ලැබේ.

ළමා  සංවර්ධන  මධ්‍යස්ථානයක්  සඳහා  වසරකට  යථායෝග්‍යාධාර  වශයෙන්  රු. 200,000/- ක්  ද, නඩත්තු ආධාර  වශයෙන්  එක්   ළමයෙකුට  දිනකට  රු. 20/- බැගින්ද  ආධාර  මුදල්  දෙනු  ලැබෙයි.  දිවා  සුරැකුම්  මධ්‍යස්ථාන   සඳහා  යථායෝග්‍යාධාර  වශයෙන්  රු. 115,000/- ක්  ද, නඩත්තු  ආධාර  වශයෙන්  එක්  ළමයෙකුට  මසකට  රු. 100/-  බැගින් ද  ආධාර  මුදල්  දෙනු  ලැබේ.

 

ළමා  වරදකරුවන්  සහ  වින්දිතයින්   සදහා   පැය  24  පුරා  ක්‍රියාත්මක  විශේෂ  පරිවාස   ඒකකය

ළමා  වරදකරුවන්  සහ  වින්දිතයින්   සදහා   පැය  24  පුරා  ක්‍රියාත්මක   විශේෂ  පරිවාස   ඒකකය මගින්  ක්ෂණිකව  අවශ්‍ය  සහනයන්  සැලසීම  මෙය  පිහිටුවීමේ   මූලික  අරමුණ වේ. ප්‍රධාන කාර්යාලය තුල මෙය පිහිටුවා ඇති අතර මූලස්ථාන පරිවාස නිළධාරීන් මගින් කටයුතු පාලනය කරනු ලැබේ